(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය හයිපොරස්ට් සිට රාගල නගර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මහතුඩුගල දී මාර්ගයෙන් ඉවතට ප්‍රපාතයෙන් පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනකු නුවරඑලිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බව රාගල පොලිසිය පවසයි.
මෙම අනතුර සිදු වි ඇත්තේ හයිපොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ මහතුඩුගල ප්‍රධාන මාර්ගය ආසන්නයේදිය.
තුවාලකරුවන් ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව ගිලන්රථ මගින් රෝහල් ගත කර ඇත.
රෝහල් ගත කල තුවාලකරුවන් කිහිප දෙනකුගේ තත්වය බරපතල රෝහල් ආරචි මාර්ග කියයි.





